දෙවැනි මනාලියන්ගේ සුන්දරත්වය කෙතරම් වැදගත්ද ?

ප හැමදාම කතා කරන්නේ මනමාලියගේ සුන්දරත්වය ගැනයි. මනමාලිය තමන්ගේ විවාහ උත්සව දිනයේ සුන්දරව සිටිය යුතුමයි. ඒ විතරක් නෙවෙයි, මනමාලියගේ සහාය වෙනුවෙන් තෝරා ගන්නා දෙවෙනි මනාලියනුත් එදිනට සුන්දරව සිටිය යුතුමයි. මනාලියගේ සුන්දරත්වය වැඩි කර පෙන්වීමටත්, විවාහ උත්සවය වඩාත් සුන්දර කර ගැනීමටත්, මංගල දිනයේ ලබා ගන්නා ජායාරුප සුන්දරව තිබීමටත් දෙවන මනාලියන්ගේ සුන්දරත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




 

දෙවන මනාලියන් තෝරා ගැනීම

දෙවන මනාලියන් තෝරා ගත යුත්තේ මනාලියගේ සුන්දරත්වය තවත් වැඩි වෙන ආකාරයෙනුයි. දෙවන මනාලියගේ ශරීර ස්වරූපය සහ ශරීර වර්ණය බොහෝ දුරට මනාලියගේ ශරීර ස්වරූපය සහ ශරීර වර්ණය හා සම විය යුතුයි.

දෙවන මනාලියට වඩා සුන්දර දෙවන මනාලියන් තෝරා ගැනීමෙන්, මනාලියගේ සුන්දරත්වය යටපත් වන බවට මිත්‍යා මතයක් තිබෙනවා. ඇත්තෙන්ම විය යුත්තේ මනාලියගේ සුන්දරත්වයට සම වන ලෙස දෙවන මනාලියන් තෝරා ගැනීමයි.

මනාලියට සාපේක්ෂව සුන්දර බව අඩු දෙවන මනාලියන් තෝරා ගැනීමෙන් විවාහ උත්සවයේ සුන්දරත්වය අඩු වෙනවා. මනාලිය සහ දෙවන මනාලියන් අතර ඇති අසමානකම් ඉස්මතු වී පෙනීම නිසා විවාහ උත්සවත්, ලබා ගන්නා ජායාරූපත් අවලස්සන විය හැකියි.

දෙවන මනාලියක් වීමට ඇරයුම් ලැබුණු මොහොතේ සිට ඇය සිදු කල යුත්තේ මොනවාද?

සාමාන්‍යයෙන් මනාලියන් තම විවාහ මංගල උත්සවයට මාස හයක පමණ සිටවත් තමාගේ රූපය සුන්දර කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා. දෙවන මනාලියනුත් තම රූප සෞන්දර්යය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් වෙහෙසිය යුතුයි. බොහෝ විට මනාලියන් මෙවැනි කටයුතු සඳහා වියදම් දරන අවස්ථාත් තිබෙනවා.

  • ක්ලීනප් කර ගැනීම

ක්ලීනප් එකකදී සිදු කරන්නේ මුහුණ පිරිසිඳු කිරීම, ටෝනර් ගැල්වීම සහ මොයිස්චරයිස් ක්‍රීම් ගැල්වීමයි. විවාහ උත්සවයට මාස 3ක පටන්වත් මේවා කිරීම අරඹන්න.

  • ෆේෂල් සිදු කිරීම

හොඳ ෆේෂල් එකක් සිදු කර ගැනීමට ඔබට සැලුන් එකකට යා හැකියි. golden ෆේෂල් එකක් සිදු කර ගැනීමට හැකිනම් වඩාත් සුදුසුයි.

  • අනවශ්‍ය මේදය/ සීනි ලබා ගැනීම අඩු කිරීම

මේදය සහ සීනි සහිත ආහාර ලබා ගැනීම අඩු කරන්න කියන්නේ කෙට්ටු වෙන නිසාම නෙවෙයි. ඔබේ සමේ ඇති ගැටළු රැසක් මඟ හරවන්න මෙයට හැකියාව තිබෙන නිසි, කුරුලෑ අඩු වී, සුන්දර සමක් හිමි කර ගන්න මෙය උපකාරී වේවි.

  • සමේ ගැටළු වලට ප්‍රතිකාර ලබා ගැනීම

ඔබට නිවසේ සිටම ඔබේ සමේ ඇති ගැටළු වලට ස්වභාවික ප්‍රතිකර්ම සිදු කල හැකියි. නමුත් ඔබට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  • දෑත් සහ දෙපා ගැනත් අවධානය යොමු කරන්න

ඔබේ දෑත් සහ  සුන්දර කර ගැනීමත් වැදගත්. ඒ වෙනුවෙන් මෙනික්‍යු සහ පෙඩික්‍යු කර ගැනීම වැදගත්. ඔබට නිවසේදී වුවත් මේවා සිදු කර ගත හැකියි. මඳ උණුසුම් ජල බේසමකට ඔබේ පාද බහා තබන්න. සෑම දවසකම මෘදු කෙඳි සහිත බුරුසුවක් ගෙන ඔබේ පාද, යටිපතුල් සහ නියපොතු පවිත්‍ර කර ගන්න.

රාත්‍රී නින්දට පෙර ඖෂධීය තෙල් වර්ග ගලවා ඔබේ දෑත් සහ දෙපා සම්බාහනය කරන්න.

  • හිරු එළියෙන් ප්‍රවේශම් වන්න

මේ කාල සීමාව ඔබ ඔබේ රුව ඔප නංවා ගැනීමට ක්‍රියා කරන කාල සීමාවක් බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්න. පිටතට යන විටදී සන් ක්‍රීම් ආලේප කරන්න. සන්ග්ලාස් පැළඳීමටත්, කුඩයක් භාවිතා කරන්නටත් අමතක කරන්න එපා.

  • සමේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න

මනාලියක් වගේම, දෙවෙනි මනාලියනුත් තම සිරුරේ ඇති රෝම ඉවත් කර ගැනීමට උත්සාහ කල යුතුයි. එයට හේතුව වන්නේ සිරුරේ රෝම ඇති විට ඔබ සම අඳුරු පැහැයෙන් දිස් වීමයි.

  • ව්‍යායාම වල නිරත වන්න

ඔබේ සිරුරේ හැඩය පවත්වා ගැනීමට උත්සාහ කරන්න. මේ නිසා ආහාර ගැන සැලකිලිමත් වන ආකාරයටම, ව්‍යායාම සිදු කිරීමත් නොකඩවා සිදු කරන්න. සවස් කාලයේදී අව්ව අඩු විට ඇවිදින්නට යාම ඔබට ගැලපෙන හොඳ ව්‍යායාමයකි.

SHARE