යුවතියකගේ සුන්දරත්වය අඩු කරවන වැරදි ඉරියව් 12ක් – 1 කොටස

මහර මොනතරම් සුන්දරව ඇඳුම් ආයිත්තම් තෝරා ගත්තත්, නිවැරදි ලෙස මේකප් සහ හිස කෙස් විලාසිතා දැමුවත් ඔවුන්ගේ සුන්දරත්වයේ අඩුවක් දිස් වීමට වැරදි ඉරියව් හේතුවක් වෙනවා. ඉතින් ඔබත් මේ වැරදි ඉරියව් අනුගමනය කරන යුවතියක් නම්, අදම නිවැරදි ඉරියව් වලට මාරු වෙන්න.




1

මෙම ඉරියව්ව දකින අයට එතරම් හොඳ දසුනක් නෙවේ. මෙවැනි ඉරියව්වකින් සිටින විට ඔබව පෙනෙන්නේ දුකෙන් සිටින අයෙකු ලෙස හෝ කෝපයෙන් සිටින අයෙකු ලෙසයි.

 

2

දෙපා එකිනෙකට හරස් කරගෙන සිටීමෙන් ඔබ කතා කරන දෙය පිළිබඳව ඔබම විශ්වාස නොකරන බවක් හැඟෙයි. එම ඉරියව්වේ සිටින ගමන්ම ඔබ සාක්කුවේ දෑත් බහාගෙන කතා කරන්නට ගත්තොත් කිසිවෙකුත් ඔබ පවසන දෙයට අවධානය යොමු නොකරන බව විශ්වාසයි.

 

3

ඔබේ පපුවට ඉදිරියෙන් දෑත් මිට මොලවාගෙන සිටීමෙන් “මම මගේ වැඩක් කර ගන්නම්, ඔබ ඔබේ වැඩක් බලාගන්න” පවසන්නක් මෙන් හැඟීමක් එනවා.

 

4

මේ ඉරියව්වෙන් සිටීමේදී ඔබ ඔබේ දෑත් වලට මුවා වී, හැන්ගෙන්නට උත්සාහ කරන බවක් පෙන්නුම් කෙරේ.

 

5

උරහිස් පහලට එල්ලෙන සේ සිටීමෙන් ඔබ අසරණ වී ඇති සෙයකුයි පෙන්නුම් කෙරෙන්නේ. ඔබේ ජීවිතය පිළිබඳව ඔබ තෘප්තිමත් නැති බවත්, ඔබට ආත්මවිශ්වාසයක් නොමැති බවත් හැඟෙයි.

 

6  

කැට ඇද කර සිනාසීමෙන් ඔබ අනෙකාව විහිලුවට ගන්නා බවක් හැඟෙයි.

SHARE