මනාලියගේ මල් කලඹට ගැලපෙන මල් වර්ග – 1 කොටස

නාලියගේ සුන්දරත්වය තවත් වැඩි කර පෙන්වන අංගයක් තමයි මංගල මල් කළඹ. ඇඳුමේ හැඩය සහ මනාලියගේ රූපයට අමුතුම සුන්දරත්වයක් එක් කරන්නට මේ මංගල මල් කලඹට හැකියාව තිබෙනවා. ඔබ මල් කළඹ සැකසීම සඳහා මල් වර්ගයක් තෝරා ගැනීමේදී ඒවා සුවඳවත් විය යුතුද, සුවඳ අඩු විය යුතුද, වර්ණවත් විය යුතුද, දුර්ලභ හෝ පොදු විය යුතුද යන්න තීරණය කිරීමට සිදු වෙනවා. ඉතින් මනාලියක් වන දිනක, ඔබ අත දරන්නට බලාපොරොත්තු වන මේ මල් කළඹ සකසා ගත යුත්තේ කුමන මල් වර්ග වලින්ද යන්න ගැන දැන් සිටම තීරණය කර ගන්නට මේ ලිපිය ඔබට උපකාරයක් වේවි.




 

1. Rose

රෝස මල් කියන්නේ සුන්දරත්වය සහ ආදරය සංකේතවත් කරන මල් වර්ගයක්. ශෘංගාරත්වය සහ ආදරය ගැන ලියු ලේඛකයන් ඒ බව ඉස්මතු කිරීමට උපමා රූපක ලෙස රෝස මල් යොදා ගත් අවස්ථා තිබෙනවා. තනි වර්ණයෙනුත්, ද්විවර්ණයෙනුත් සමන්විත වන රෝස මල් වර්ගයන් තිබෙනවා. හැම රෝස මලම එක ලෙස සුවඳ ගෙන නොදෙන අතරම, රෝස මල් කළඹක් සඳහා වර්ණයන් උපරිම තුනක් තෝරා ගැනීම සෑහේ.

2. Tulip

ටියුලිප් මල් වල නිජ භුමිය පර්සියාව වන අතර, මේවා වඩාත් ප්‍රචලිත වන්නේ නෙදර්ලන්තය තුලයි. ප්‍රීතිය සහ සතුට බෙදා ගැනීමේ සංකේතයක් ලෙස ටියුලිප් මල් භාවිතා කරනවා. ටියුලිප් මල් රෝස, ක්‍රීම්, සුදු, කහ, පීච්, මැජෙන්ටා, රතු සහ දම් වර්ණ වලින් තිබෙනවා.

3. Calla Lily

මේ සුන්දර මල් වර්ගය පෙනුමින් පුංචි හොරණෑවක ස්වරූපය ගන්නවා. මේ මල් වර්ගයේ නිජ භුමිය වන්නේ අප්‍රිකාව වන අතර, මේවායෙන් මහානුභාවසම්පන්න බව සහ සුන්දරත්වය සංකේතවත් කෙරෙනවා. මේ මල් වල වර්ණයන් කහ, ක්‍රීම්, තැඹිලි සහ තද දම් පැහැයෙන් යුක්ත වෙනවා. නමුත් බොහෝ විට මනාළි මංගල මල් කළඹ සඳහා ගැලපෙන්නේ ඇත්දළ ක්‍රීම් පැහැති මල්ය.

4. Lily of the Valley

මේ පුංචි මල් වර්ගය කුඩා බෙල් එකක ස්වරුපයෙන් යුක්ත වෙනවා. මෙම මල් “දිව්‍යලෝකයට මඟ පෙන්වන ඉණිමඟ” ලෙස හඳුන්වනවා. මේ මල් වලින් ඉතා නැවුම් සුවඳක් හමනවා. එමෙන්ම සාහිත්‍යයේ මෙම මල් වර්ගය වසන්ත සමයට අධිපති දේවතාවිය Ostara වෙනුවෙන් කැප කර තිබෙනවා.  

5 Hydrangeas

මේ මල් වල වර්ණයන් වයින් වල රතු පැහැය, සුදු, කොළ, රෝස, නිල් සහ දම් වර්ණ වලින් යුක්ත වෙනවා. එය ආඩම්බර බව සංකේතවත් කරන මල් වර්ගයකි. මේ මල් වල විශේෂත්වය වන්නේ ඒවායේ වර්ණයේ තද බව හෝ ලා බව තීරණය වන්නේ පසේ අඩංගු අම්ල ප්‍රමාණය මත වීමයි.

SHARE