මනාලියගේ මල් කලඹට ගැලපෙන මල් වර්ග – 2 කොටස

නාලියගේ සුන්දරත්වය තවත් වැඩි කර පෙන්වන අංගයක් තමයි මංගල මල් කළඹ. ඇඳුමේ හැඩය සහ මනාලියගේ රූපයට අමුතුම සුන්දරත්වයක් එක් කරන්නට මේ මංගල මල් කලඹට හැකියාව තිබෙනවා. ඔබ මල් කළඹ සැකසීම සඳහා මල් වර්ගයක් තෝරා ගැනීමේදී ඒවා සුවඳවත් විය යුතුද, සුවඳ අඩු විය යුතුද, වර්ණවත් විය යුතුද, දුර්ලභ හෝ පොදු විය යුතුද යන්න තීරණය කිරීමට සිදු වෙනවා. ඉතින් මනාලියක් වන දිනක, ඔබ අත දරන්නට බලාපොරොත්තු වන මේ මල් කළඹ සකසා ගත යුත්තේ කුමන මල් වර්ග වලින්ද යන්න ගැන දැන් සිටම තීරණය කර ගන්නට මේ ලිපිය ඔබට උපකාරයක් වේවි.




 

පළමු කොටස සඳහා පිවිසෙන්න

 

6 Peony

 Peony මල් වර්ගයේ හිස තරමක් විශාලයි. මේවා තද සුවඳකින් සහ දීප්තිමත් පැහැයකින් යුක්ත වෙනවා. වෙනත් මල් වර්ග හා මිශ්‍ර කරනවාට වඩා, Peony මල් පමණක් යොදාගෙන මල් කළඹ නිර්මාණය කිරීමෙන් එයට වැඩි ප්‍රභාවත් බවක් එක වෙනවා. මල් කළඹ සැකසීම වෙනුවෙන්, මේවා තනි වර්ණයකින් හෝ වර්ණ දෙකකින් යොදා ගත හැකියි.

7. Ranunculus

මේ මල් රෝස මල් සහ Peony මල් වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ මල් වර්ගයේ මිල අනෙක් ඒවාට සාපේක්ෂව අඩු වීමයි. මල් කළඹ සහ මල් සැරසිලි සඳහා යන වියදම අඩු කර ගන්නා අතරේම, පරිපුර්ණ සුන්දරත්වයක් හිමි කර ගැනීමටත් මේ මල් වර්ගය ඔබට උපකාරී වේවි.

8. Stephanotis

මේ මල් වර්ගය තුලින් විවාහ ජිවිතයේ ප්‍රීතිය සංකේතවත් කරනු ලබනවා. ඔබේ මංගල මල් කළඹ සැකසීම සඳහා මේ මල් යොදා ගැනීම ගොඩක් වැදගත් වේවි. මේ මල් වල හැඩය කුඩා තරු වැනියි. මෙය සාම්ප්‍රදායික මනාලියකට නම් හොඳින් ගැලපෙනවා. සෞම්‍ය සුවඳකින් යුතු මේ මල් වර්ගයේ මිලත් අන් මල් වර්ග වලට සාපේක්ෂව අඩුයි.

9. Sweet Peas

Sweet Peas මල් වර්ගයෙන් “නිමක් නොදකින ප්‍රීතිය” යන අර්ථය සංකේතවත් කරනවා. මෙහි සුවඳ රත් කල සීනි වල සුවඳට සම කල හැකියි. සුදු, රෝස සහ දම් පැහැයෙන් මේ මල් වර්ග තිබෙනවා.

 

10. Gardenia

මේ මල් වර්ගයේ පෙති යන්තම් තෙත් ස්වභාවයක් ගන්නවා. එයින් හොඳ සුවඳක් නික්මෙනවා. මෙම මල් වර්ගයේ නිජ භුමිය දකුණු අප්‍රිකාව වන අතර, පසුකාලීනව එංගලන්තයට ගෙන එන ලදී. මේ මල් මල් කලඹට යොදා ගන්නා සේම, මනාලියගේ හිස කෙස් සැරසීමට යොදා ගැනීමටත් කදිමයි.

SHARE