හිස කෙස් වර්ණ ගැන්වීමෙන් අනතුරුව

ර්තමානයේ හිස කෙස් වර්ණ ගැන්වීම කියන්නේ ජනප්‍රිය විලාසිතාවක්. හිස කෙස් වර්ණයන් කිහිපයක්ම තිබෙනවා. කෙසේ වෙතත් මේ හිස කෙස් වර්ණ ගැන්වීමේ විලාසිතාව නිසා කෙස් වලට හානි පැමිණිය හැකියි. ඒ වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා රසායනිකයන්ගේ බලපෑම නිසයි. ඉතින් කෙස් වලට සිදු වන හානිය අවම කර ගැනීමට නම් ඔබට අනුගමනය කල හැකි පිළිවෙත් කීපයක් තිබෙනවා. ඉතින් අද අපි ඉදිරිපත් කරන්නේ හිස කෙස් වර්ණ ගැන්වීමෙන් අනතුරුව ඔබ අනුගමනය කල යුතු ආරක්ෂක පිළිවෙත් ගැනයි.




ඔබ සඳහාම වෙන් වුනු ෂැම්පු සහ කන්ඩිෂනර් තෝරා ගන්න

හිස කෙස් වර්ණ ගැන්වීමෙන් පසුව ඔබේ හිස කෙස් “ආපදා හිස කෙස්” ගණයට අයත් වෙනවා. ඉතින් ඔබ දැන් පෙර ගැල්වූ ෂැම්පු සහ කන්ඩිෂනර් ගල්වා පලක් නැහැ. ඔබ දැන් ගැලවිය යුත්තේ ආපදා වූ හිස කෙස් ගණයට ගැලපෙන ආලේපනයි. සාමාන්‍යයෙන් රසායනික සංයෝගයන් භාවිතා කල හිස කෙස් ඉක්මනින් වේලෙනවා. ඒවාට මලානික පෙනුමක් ලැබෙනවා. ඉතින් වැඩි මොයිස්චරයිස් ප්‍රමාණයක් අඩංගු ආලේපන මේ සඳහාම නිපදවා තිබෙනවා.

ස්වභාවික හෙයාර් මාස්ක් යොදන්න

මේ සඳහා ඔබේ රූපලාවන්‍ය ශිල්පියාගෙනුත් උපදෙස් ලබා ගන්න. ඔබේ හිස කෙස් වලට නැවත පෝෂණය ලබා දිය හැකි, ස්වභාවික හෙයාර් මාස්ක් වර්ග ඕනෑ තරම් තිබෙනවා. හිස කෙස් වර්ණ කිරීමෙන් පසුව හිස කෙස් වලට සිදු වූ හානියේ ප්‍රමාණය අඩු කර ගැනීමට මේවා ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

ආහාර රටාව ගැන සැලකිලිමත් වන්න

ඔබේ ආහාර වල අඩංගු දේ ඔබේ සම, නියපොතු සහ හිස කෙස් වල වැඩීමට හේතු වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ජල භාවිතය වැඩි කර, පෝෂ්‍යදායි සහ පිරිසිඳු ආහාර වැඩියෙන් ලබා ගැනීමෙන් ඔබේ කෙස් වල නැති වුනු පෝෂණය ලබා ගත හැකි වනු ඇත.

  • යකඩ වැඩිපුර අඩංගු වන ආහාර ලබා ගන්න. එමඟින් ඔබේ හිස් කබලට අවශ්‍ය පෝෂණය සපයා, හිස කෙස් වැවෙන්නට අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා. මස්, බිත්තර සුදු මදය, මාළු, මේද අඩු චීස් සහ ධාන්‍ය වැඩිපුර ආහාරයට ලබා ගන්න.
  • විටමින් A කියන්නේ, හානි වූ කෙස් යතා තත්වයට පත් කර ගැනීමට උපකාරී වන්නක්. විටමින් A ඔබේ හිස කෙස් වලට අවශ්‍ය තෙත් ස්වභාවය ලබා දී, කෙස් කලඹට ප්‍රාණවත් පෙනුමක් ලබා දෙනවා. විටමින් A වැඩිපුර ලබා ගත හැකි මාර්ගයන් වන්නේ මාළු, නිවිති, කැරට් සහ බතල වැනි ආහාර වලිනුයි.

හිස කෙස් අග කපා දැමීම නොකඩවා සිදු කරන්න

ආපදා සහිත හිස කෙස් වල අග පලිමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ තත්වයෙන් මිදීම සඳහා හිස කෙස් අග කප්පාදු කිරීම පුරුද්දක් බවට හරවා ගන්න. මේ මගින් ඔබේ හිස කෙස් වල අග පෙනුම සුන්දර කර ගත හැකි සේම, සමස්ත කෙස් කලඹටම සෞඛ්‍යසම්පන්න පෙනුමක් හිමි වෙනවා.

හිරු එළියෙන් ආරක්ෂා වන්න

හිරු එළියේ අඩංගු UV කිරණ වලට පුළුවන්, දැනටමත් ආපදාවට පත් වී තිබෙන ඔබේ හිස කෙස් වලට තවත් හානි කරන්නට. එමෙන්ම තද හිරු රැස් වලට හසු වීමෙන් කෙස් වල ගැල්වූ වර්ණකයන් වල අඩුවක් පවා විය හැකියි. මේ නිසා ඔබ හිරු එලියට නිරාවරණය වෙනවා නම්, කැප් එකක් පළඳින්න.

දැඩි උණුසුමෙන් හිස කෙස් ආරක්ෂා කරන්න

ආපදා වුනු හිස කෙස් දැඩි උණුසුමට ලක් වීමෙන් තව තවත් හානි විය හැකියි. මේ නිසා හිස කෙස් වර්ණ ගැන්වූ පසු උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් හා හිස කෙස් වේලා ගැනීම සඳහා උණුසුම්කරණ උපකරණ භාවිතයෙන් නිදෙන්න.

ක්ලෝරීන් භාවිතයෙන් මිදෙන්න

රසායනිකයන් හේතුවෙන් ආපදා ඇති වූ හිස කෙස් වලට ක්ලෝරීන් මගින් ඇති කරන්නෙත් අයහපත් බලපෑමක්. ක්ලෝරීන් ඔබේ හිස කෙස් තවත් වියලීමට පත් කරවනවා. මේ නිසා ක්ලෝරීන් අඩංගු ජලය ස්නානය කිරීම, ක්ලෝරීන් ජලය අඩංගු නාන තටාක වල පිහිනිමෙන් වලකින්න.

SHARE