හිස කෙස් වර්ණ ගැන්වීමේ පියවර 7

බ හිස කෙස් වර්ණ ගැන්වීම සඳහා අනිවාර්යයෙන්ම රූපලාවන්‍යාගාරයකට යනවා ඇති. හිස කෙස් වර්ණ ගැන්වීම කියන්නේ තරමක් අවදානම්කාරී කටයුත්තක්. මේ නිසා ඔබ රූපලාවන්‍යාගාරයට යාමට පෙර හිස කෙස් වර්ණ ගැන්වීමේ සාමාන්‍ය පියවර ගැන දැනුවත් වී යාම ඉතා වැදගත් කටයුත්තක්.




 

1 ස්කින් ටෙස්ට් එකක් කිරීම

හිස කෙස් වර්ණක ලෙස අප භාවිතා කරන්නේ රසායනික සංයෝගයන් අඩංගු වර්නකයන්ය. ඉතින් ඒවා හදිසියෙවත් ඔබේ සමට අසාත්මික වුවොත්, දරුණු ප්‍රතිඵල වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ නිසා මුලින්ම ස්කින් ටෙස්ට් එකක් කර ගැනීම ඉතා සුදුසුයි. හිස කෙස් වර්ණ ගැන්වීමට පෙර, අදාළ වර්ණකය ගෙන ඔබේ කණ පිටුපස හෝ වැලමිටේ ගල්වා බැලිය යුතුය. ඉන් පසුව පැය 24ක් පමණ සිට යම් අසාත්මිකතාවයක් ඇති වෙනවාදැයි බැලිය යුතුය. හිසේ කරකැවිල්ලක්, ක්ලාන්තයක්, සමේ කැසීම් හෝ රතු වීම් නොමැති නම් බිය වන්නට අවශ්‍ය නැහැ.

2 බ්ලීච් කිරීම හෝ නොකිරීම තීරණය කිරීම

ඔබේ හිස කෙස් කලින් බ්ලීච් කර තිබෙනවා නම් හෝ ඔබ කලින් ඔබේ හිස කෙස් විලාසිතා සඳහා රසායනික සංයෝග අඩංගු ද්‍රව්‍ය භාවිතා කර තිබෙනවා (පර්ම් කිරීම, ස්ට්‍රේට් කිරීම) නම් ඔබේ හිස කෙස් අයත් වන්නේ “හානි වූ කෙස්” ගණයටයි. හානි වූ ගනයේ හිස කෙස් නැවත බ්ලීච් කල හොත් ඒවා දැඩි ලෙස හානියට පත් වෙනවා. මේ නිසා ඔබේ හිස කෙස් වල තත්වය පරික්ෂා කිරීමත්, මින් පෙර ඔබ අනුගමනය කර ඇති විලාසිතාවන් ගැන දැනුවත් වීමත් තුලින් රූපලාවන්‍ය ශිල්පියා ඔබේ හිස කෙස් බ්ලීච් කරනවාද, නැද්ද යන්න තීරණය කරනවා.

3 හිස කෙස් සෝදා, පීරා ගැනීම

තෙල් සහිත හෝ කුණු දුහුවිලි සහිත හිස කෙස් වර්ණ ගන්වන්නට බැහැ. මේ නිසා ඔබේ හිස කෙස් සේදීමකට ලක් කල යුතුයි. හිස කෙස් සේදීමේදී හොඳින් ෂැම්පු යොදා අපද්‍රව්‍ය ඉවත් වන සේ සේදිය යුතුය. එමෙන්ම ගැට ගැසුණු හිස කෙස් වර්ණ ගැන්වීමත් අපහසුයි. මේ නිසා දැති ලොකු පනාවක් යොදා ගනිමින් කොණ්ඩයේ අවුල් කඩා ගත යුතුයි.

4 හිස කෙස් කොටස් වලට වෙන් කිරීම

සම්පුර්ණ කොණ්ඩයේ එකවර වර්ණ ආලේපනය සිදු කරන්නේ නැහැ. මේ නිසා හිස කෙස් කොටස් වලට බෙදා වෙන් කල යුතු වෙනවා. මෙය සිදු කරන්නේ කොටස් හතරකට වන අතර, කෙස් වර්ණ ගන්වන්නේ උඩ සිට පහලට තීරු වශයෙනුයි. මේ නිසා නළලේ සිට හිස් මුදුන දක්වාත්, හිස් මුදුනේ සිට කන් දෙපස දක්වාත්, හිස් මුදුනේ සිට බෙල්ල දක්වාත් මෙම බෙදීම සිදු කරයි. හිස කෙස් වල කළු පාට ඉවත් කර ගැනීම සඳහා බ්ලොන්ඩ් භාවිතා කරයි.

5 වර්ණ සැකසීම

මුලින්ම වර්ණ සැකසීම කල යුත්තේ බෙදා ගත් හිස කෙස් කොටස් වලින් එක් කොටසකට සෑහෙන පරිදිය. එයට හේතුව වන්නේ වර්ණක එකට මිශ්‍ර කර තරමක් වෙලා ගත වන වන විට එහි ක්‍රියාකාරිත්වය අඩු වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුව ගල්වන වර්ණක වල සම්පුර්ණ ප්‍රතිඵලය ලබා ගත නොහැකි වෙනවා.

6 වර්ණ ආලේප කිරීම

වර්ණකයේ ස්වභාවය අනුව එය වසා තැබිය යුතු කාලය වෙනස් වෙනවා. වර්ණකයේ ඇසුරුමේ එය සඳහන් වනු ඇත. වර්ණකය අවශ්‍ය වෙලාව ගත වන තුරු වසා තැබීමෙන් පසුව ආලේප කිරීම ආරම්භ කරනවා. වර්ණ ආලේප කරන ස්ථානය ඉඩ කඩ සහිත, වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් විය යුතුයි. වර්ණ ගැන්වීමෙන් පසුව එය කෙස් මත පැවතිය යුතු නියමිත වෙලාවක් තිබෙනවා. එම වෙලාව වර්ණකයේ ඇසුරුමේ සඳහන් වෙනවා. අදාළ කාල සීමාවට වඩා වැඩි වෙලාවක් වර්ණකය කෙස් මත තබාගෙන සිටියොත් කෙස් වලට හානි පැමිණිය හැකියි.

7 කෙස් පිරිසිඳු කිරීම

අදාළ කාල සීමෙවෙන් පවු ඔබේ හිස කෙස් පිරිසිඳු කල යුතුයි. වර්ණ හොඳින් ඉවත් වන සේ මෙම සේදීම කල යුතුයි. නැතහොත්, හිස් කබල මත වර්ණක ඉතිරි වීමෙන් විවිධ ආසාදන ඇති විය හැකියි. එමෙන්ම මෙම වර්ණක නළලේ, ගෙළේ වැනි ස්ථාන වලත් තැවරී තිබිය හැකි නිසා, ඒ ගැන සැලකිලිමත් වන්න.

SHARE