මේ ආවේග 5 හිර කර ගැනීමෙන් ඔබේ සුන්දරත්වය නසා ගන්න එපා

මි නිසුන් තුල ස්වාභාවිකවම ඇති වන ආවේගයන් පවතිනවා. මේ ආවේගයන් පිට නොකර දරා ගැනීම ශක්තිමත් බවේ ලක්ෂණයක් ලෙස ඇතැමුන් සලකනවා. නමුත් එවැනි අනවශ්‍ය දරා ගැනීම් වලින් සිදු වන්නේ ඔබේ රූපය අසුන්දර වීම බව ඔබ දන්නවාද? ඔබට ඇති වන ආවේග ඔබ පිට කල යුතුමයි. එසේ නොකරන විට ඔබේ මනස සහ සිරුර වෙහෙසට පත් වෙනවා. ඔබේ මනස මෙන්ම, සිරුරත් ආතතියට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ සුන්දරත්වය අඩු වී යා හැකියි. අද අපි ඉදිරිපත් කරන්නේ අනවශ්‍ය ලෙස ආවේගයන් දරා ගැනීමෙන් ඔබේ රූපය අවලස්සන වන ආකාරය පිලිබඳවයි.




1 වේදනාව

වේදනාව, දුක ඇති නොවන අයෙක් නැහැ. කඳුළු සැලීම කියන්නේ තමන්ගේ සිතේ ඇති දුක පිට කිරීමට ඇති හොඳම ක්‍රමයක්. නමුත් සමාජයේ පිළිගැනීම අනුව කඳුළු සැලීම ශක්තිවන්තයන් කල යුතු දෙයක් නොවේ යැයි සිතා, ඔබ වේදනාව පිට නොකර සිටීමට උත්සාහ කරනවා නම්, එය ඔබව අසුන්දර කිරීමට හේතු වෙනවා. ඔබට වේදනා ඇති වන්නේ ඔබ තුල සෘණාත්මක ආවේගයක් ඇති වූ විටයි. සෘණාත්මක ආවේගයන් ඔබ තුල පවතින විට ඔබේ මානසික ආතතිය ඉහල ගොස්, ඔබේ පිටත රූපයෙන් එය හෙළි වන්නට පටන් ගන්නවා. ඔබේ දෑස් ඇතුලට ගිලි යාම, මුහුණේ දුක්බර පෙනුමක් ගැඇති වීම, සම රැළි වැටීම වැනි රූපලාවන්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්.

2 කුසගින්න

සමහරුන් තමාගේ කුසගින්න ගැන නොසලකා දිගටම වෙනත් රාජකාරි වල නිරත වෙමින් සිටිනවා. ඔවුන් ආහාර වේල් ගණන් අතපසු කරනවා. එයින් ඔවුන්ගේ රූපයට මහත් හානියක් පැමිණෙන්න පුළුවන්. සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබී යාමෙන් ඔබේ සම සහ අනෙකුත් ඉන්ද්‍රියයන්ට හානි පැමිණෙනවා. නිසි පෝෂණයක් නොමැත සමක් වියලීම, රැළි වැටීම සහ දුර්වර්ණ වීම සිදු වෙනවා. එමෙන්ම කුසගින්නේ සිටීම තුලින් ඔබ අධික කෘෂ භාවයට පත් විය හැකියි. අනවශ්‍ය ලෙස ආහාර පාලනය කරන තැනැත්තන් සිරුර විකෘති වීමේ රෝගයන්ට පවා ගොදුරු වෙනවා. එමෙන්ම කුසගින්න නිසා ගැස්ට්‍රයිටිස් ඇති වෙන්නත් පුළුවන්. ගැස්ට්‍රයිටිස් ඇති වීම නිසාත් මුවේ දුගඳ ඇති වීම වැනි රූපලාවන්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්.

3 පිපාසය

සමහරුන් නිතර වැසිකිලි යාමට සිදු වෙනවාට බියේ ජලය පානය කිරීමෙන් වැලකි සිටිනවා. බොහෝ විට දුර ගමන් යන අය, රැකියා කරන අය, අධ්‍යාපනය ලැබීම සඳහා පන්ති යන දරුවන් ආදිය මෙම වරද සිදු කරනවා. සමහරුන් පිටතට ගිය විට, නැවත නිවසට එන තුරු වැසිකිලි නොයෑම වෙනුවෙන් ජලය පානය කිරීමෙන් වැලකි සිටිනවා. දිනකට අප සිරුරට ජලය ලීටර් 3ක් වත් අත්‍යවශ්‍යයි. සිරුරට අවශ්‍ය ජලය නොලැබී යාමෙන් සම වියලීම, දෙතොල් වල පොතු යාම, හිස කෙස් වල සජීවී බව අහිමි වී යාම වැනි රූපලාවන්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්.

4 වැසිකිලි යෑමේ අවශ්‍යතාවය

නිවස හැර වෙන තැනක වැසිකිලි යාමට අකමැති පුද්ගලයන් සිටිනවා. ඔවුන් කොහේ හෝ ගමනක් ගිය විට, නැවත නිවසට එන තුරුම වැසිකිලි යෑමේ අවශ්‍යතාවය යටපත් කරගෙන සිටිනවා. මෙයින් ඔබේ සිරුරට දැඩි වෙහෙසක් සහ බරක් පැටවෙනවා. මුත්‍රා නොකර සිටීමෙන් සම සුදුමැලි වීමත්, මලපහ නොකර සිටීමෙන් සම අවපැහැ ගැන්වීම සහ කුරුලෑ හට ගැනීම වැනි රූපලාවන්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්.

5 වෙහෙස සහ නිදි මත

වෙහෙසක් ඇති වූ විට විවේක ගැනීම සිදු කල යුතුමයි. නිදි මත කියන්නේ අප සැමට ඇති වන දෙයක්. වැඩ රාජකාරි ඉටු කර ගැනීම වෙනුවෙන් නින්ද සහ විවේකය කැප කරන්නට සමහරුන් පුරුදු වී සිටිනවා. එමඟින් වැඩ රාජකාරි වල ගුණත්වය ඉහල නැංවිය නොහැකි වනවා සේම, වෙහෙස නිසා ඔබේ රූපයත් අසුන්දර වෙනවා. දෑස් යට ගිලීම, දෑස් වටා කළු පැහැ ගැන්වීම, මුහුණේ වෙහෙසකාරී පෙනුමක් ඇති වීම, සම දුර්වර්ණ වීම වැනි රූපලාවන්‍ය ගැටළු ඇති වෙන්න පුළුවන්.

SHARE