තරුණ බව රැක දෙන යෝග ව්‍යායාම

යෝ ග කියන්නේ මිනිස් සිරුරට සුව දෙන ස්වභාවික ව්‍යායාම ක්‍රමයක්. යෝග ව්‍යායාම් ඉතිහාසය පැවත එන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සිටයි. ඈත අතීතයේ ජිවත් වුණු සෘෂි වරුන් තමාගේ තරුණ බව රැක ගත්තේ යෝග ව්‍යායාම කිරීමෙන් බව පැවසෙනවා. යෝග ව්‍යායාම වල ආසන අසුවකටත් අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒත් ඒ හැම එකක්ම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒවායින් කිහිපයක නිරත වීමෙන් වුවත්, ඔබට මහත් වූ ගුණදායක ප්‍රතිඵල අත් කර ගත හැකියි. ඉතින් අද අපි තීරණය කළා අපේ beautysaloon.lk වෙබ් අඩවිය හරහා යෝගා ව්‍යායාම ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




යෝගා ව්‍යායාම වලින් අත් වන ප්‍රයෝජන

යෝග ව්‍යායාම නිසා සිරුර උත්තේජනය වෙනවා

මිනිස් සිරුරේ තරුණ බව රැක දෙන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි මඟින් ගලා එන ශ්‍රාවයන් මඟිනි. යෝග ව්‍යායාම මඟින් ශරීරයේ අන්තරාසර්ග ග්‍රන්ථි උත්තේජනය කරනවා. මේ නිසා මේවායෙන් වහනය වන ශ්‍රාවයන් සිරුරට හොඳින් ගලා ඒයි.

  • යෝග ව්‍යායාම වල එක් අංගයක් තමයි ගැඹුරින් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. මේ මඟින් ඔබේ මනස සුවපත් කර, සිත එකඟ කර, සිරුර නීරෝගී කරවනවා.
  • මේ ව්‍යායාමයන් සිදු කරන්නාට නිදා ගැනීමේ අපහසුතා ඇති වන්නේ නැහැ.
  • කෑම රුචිය වඩවනවා. ලබා ගන්නා ආහාර හොඳින් දිරවා, සිරුරට උරා ගන්නවා.
  • ස්නායු පද්ධතිය නිරෝගී වෙනවා
  • සිරුරේ මාංශ පේශි ශක්තිමත් කරවනවා
  • රෝග පාලනය කරනවා
  • සිරුරේ අපද්‍රව්‍ය කාර්යක්ෂමව බැහැර වෙනවා
  • රුධිර ගමනාගමනය ප්‍රාණවත් වෙනවා
  • තරබාරු බව නැති වෙනවා
  • සංධි ශක්තිමත් වීමෙන්, සංධි රෝග සුවපත් වෙනවා.
  • මළ බද්ධය වැනි රෝග සුව කර ගැනීමට උපකාරී වෙනවා.
  • ලිංගික ශක්තිය වැඩි දියුණු වෙනවා.
  • සිරුරු ඉන්ද්‍රියයන් වලට සැපයෙන රුධිරය සහ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. මේ මඟින් ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය උත්තේජනය වෙනවා.
  • යෝගා ව්‍යායාම වල නිරත වීම නිසා ශරීර ශක්තිය වැඩි වී, සෞඛ්‍ය තත්වය ඉහල යනවා.

යෝග ව්‍යායාම මඟින් පාලනය කළ හැකි රෝගී තත්වයන්

  • ආතරයිටීස්
  • පෙනහලු රෝග
  • මානසික ආතතීන් හා රෝග  
  • අසාත්මිකතා
  • චර්ම රෝග
  • හදවත් රෝග
  • මළ බද්ධය
  • සංධි රෝග  

 

සැයු

  • එක වර බරපතල ව්‍යායාම් නොකර, මේවා පුරුදු විය යුත්තේ පියවරෙන් පියවරයි.
  • කාන්තාවන්ගේ මාස් ශුද්ධිය වැනි ශරීර අපහසුතා ඇති අවස්ථාවන් වලදී මෙය නොකිරීම සුදුසුය.
  • ආහාර ගත් විගස සිදු නොකළ යුතුයි.

SHARE