Sun Cream ගැන ඇති මිත්‍යා මත 5ක් ගැන දැනුවත් වෙමු

ශ්‍රී ලංකාවට වසරේ සෑම දිනකදීම පතිත වන්නේ දැඩි හිරු රශ්මියක්. දැඩි හිරු රශ්මියෙන් සමට සිදුවන හානිකර බලපෑම් බොහොමයි. හිරු එලියට නිරාවරණය වීම නිසා සමෙහි පිළිකා තත්ත්වයන් ඇති වීමද බහුලව දැකගත හැකියි. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගැනීමට sun cream එකක් ආලේප කිරීම වැදගත් වන්නේ අන්න ඒ හේතුව මත.

හිරු රශ්මියට නිරාවරණය වීමේදී සිදුවන්නේ UV කිරණ සම මත පතිත වී දැඩි වියළි බවක් හා මෙලනින් වර්ණකය නිෂ්පාදනයේ වෙනසක් සිදුකිරීමයි. Sun Cream මඟින් සිදුවන්නේ සමට පතිත වන UV කිරණ ඉවතට තල්ලු කිරීමක්. Sun cream ආලේප කිරීම මගින් සමට ආරක්‍ෂාව සැපයෙන බව කියන්නේ අන්න ඒ නිසයි.

SPF එනම් Sun Protection Factor අගය අනුව, Sun Cream විවිධ අයුරින් වර්ගීකරණය කරන්න පුළුවන්. SPF අගය හඳුන්වාදී ඇත්තේ මෙහෙමයි,

“SPF සහිත ආලේපනය කිරීමෙන් තොරව හිරු එළියට නිරාවරණය වීමෙන් පසු සම රත්පැහැ වීමට ගතවන කාලය සහ SPF ආලේපනයෙන් පසු කෙනෙකුගේ සම රත්පැහැ වීමට ගතවන අතර අනුපාතය.”

උදා : අව් රශ්මියට නිරාවරණය වීමෙන් පසු ඔබේ සම විනාඩි 20කදී රත්පැහැ වනවා. ඔබ භාවිතා කරන sun cream එකේ SPF අගය 30ක් නම්, එය ආලේප කිරීමෙන් පසුව ඔබට මිනිත්තු 600ක් (පැය 10ක්) හිරු එළියට නිරාවරණ වී ඉන්න පුළුවන්.

Sun cream පිලිබඳ දැනගත යුතු මූලික කරුණු කාරණා ඔය ආකාරයි. දැන් බලමු මේවා ගැන ප්‍රචලිත වී ඇති වැරදි මතයන් මොනවාද කියා.




  • SPF ආලේප කර ඒ මතින් make up හෝ වෙනත් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමෙන් පමණක් සමට ආරක්ෂාව සැලසෙනවා.

මෙය වැරදි මතයක්. විශේෂයෙන්ම අඩු SPF අගයක් සහිත ආලේපනයක් භාවිත කර හිරු එලියට නිරාවරණය වී සිටීමෙන් සමට හානි වන එක නතරවන්නේ නැහැ. එම නිසා ආලේපන මිලදී ගන්නා විට එහි ඇති SPF අගය පරීක්ෂා කර බලන්න. එමෙන්ම ලේබලයේ ‘Broad Spectrum’ යනුවෙන් සඳහන් වී ඇත්දැයි කියාද විමසිලිමත් වන්න. එයින් කියවෙන්නේ UVA, UVB කිරණ වලට එරෙහිව ආරක්ෂාවක් ලබා දෙන බවයි.

  • SPF 100 අගයක් ඇත්නම් සම සම්පූර්ණයෙන්ම ආරක්ෂා වනවා.

මෙයත් වැරදි මතයක්. හිරු රශ්මියට එරෙහිව සමට 100% ආරක්ෂාව ලබාදීමට කිසිදු ආලේපනයකට හැකියාවක් නැහැ. මෙම ලිපියේ ඉහත දැක්වූ පරිදි SPF අගය පිලිබඳ ගණනය කර ආලේපනය තෝරාගැනීම තමයි කළ යුත්තේ.

  • Sun Cream නිසා සමේ පිළීකා සැදීමේ අවදානම වැඩි විය හැකියි.

පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ මෙය ද අසත්‍ය මතයක් බවයි.

  • කුඩා අවධියේදී හිරු රශ්මියට වැඩි වශයෙන් නිරාවරණය වී සිටියානම් සමට දැනටමත් හානි සිදු වී අවසන්.
  • Sun Cream නිසා බොහෝ කාන්තාවන් විවිධ අසාදනයන්ට ලක් වනවා.

සාමාන්‍යයෙන් ඕනෑම බාහිර ආලේපනයක් භාවිත කිරීමට පෙර ඒවා සමට හිතකරද යන්න පිලිබඳ සුළු පරීක්ෂාවකින් පසුව දැනගත හැකියි. එම නිසා බොහෝ කාන්තාවන් Sun Cream කෙරෙහි ආසාත්මිකතාවක් දක්වනවා යි කීම සම්පූර්ණ අසත්‍යයක්.

SHARE