මුහුණට සම්භාහනය?

නි වැරදි සම්භාහනය මඟින් ආතතිය වැලැක්වීම, මාංශ පේශි ලිහිල් කිරීම වගේම වේදනාව නැති කිරීමද ඉතාමත් ලෙහෙසියෙන් කරන්නට පුළුවන්. ඔබ නිකමට හිතුවාද සම්භාහනය මඟින් මේ තරම් දේවල් ඔබේ ශරීරයට කරද්දී ඔබේ මුහුණට සම්භාහනය මඟින් ඔබේ මුහුණට ලබා ගත හැකි වාසි කොපමණද කියලා. මුහුණේ නිල තෙරපිම මඟින් ඔබේ මුහුණේ රුධිර සංසරණය ක්‍රමානුකූල කරනවා. ඒ වගේම තමයි ඔබේ සම මෘදු බවට පත් කරනවා. මුහුණේ රුධිර සංසරණය ක්‍රමානුකුලයි කියන්නේ ඔබේ මුහුණ පැහැපත් වෙන්නට පටන් ගන්නවා. මුහුණේ ඇති වී ඇති බොහෝ ගැටළු වලටත් මෙය හොඳ විසදුමක්.

සාමන්‍යයෙන් මෙම මුහුණට කරන සම්භාහනයක් මාසයකට එක වරක් සිදු කිරීම සෑහේ. මෙය ඉතින් ආවට ගියාට කල හැකි දෙයක් නොවේ. අවම වශයෙන් විනාඩි 10ක් වත් මුහුණට මෙම සත්කාරය කල යුතුය. එයට වඩා වැඩි වීමත් එතරම් සුබදායක නෑ. මේ සඳහා තෙල් වර්ගයක් හෝ ආලේපනයක් භාවිත කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගත හැකියි. රත් කරගත් ආමන්ඩ් තෙල් බින්දු කිහිපයක් නම් මෙයට කදිමයි. ඔබ යොදාගන්නා තෙල් වර්ගය ඔබේ සමේ වර්ගයට ගැලපෙනවාද නැතිද යන්න පිළිබඳවත් සැලකිලිමත් වන්න.




අද අපි Beutysaloon.lk තුලින් ඔබට කියල දෙන්න හදන්නේ නිවසේදීම ඔබේ මුහුණට සම්භාහනයක් සිදු කරගන්නා ආකාරයයි.

පියවර :

  1. ඔබේ මුහුණට නොවැටෙන පරිදි ඔබේ හිස කෙස් හොඳින් පිටුපසට කොට බැදගන්න.
  2. ඔබ කලින් සුදානම් කරගත් තෙල් වර්ගය හෝ ආලේපනය ඔබේ මුහුණේ සහ ඔබේ බෙල්ලේ හොඳින් ආලේප කරන්න.
  3. මුලින්ම ඔබේ එක අතක මැදගිල්ල සහ වෙදැගිල්ල ඔබේ බෙල්ල පාමුල තබා අනිත් අතේ මැදගිල්ලෙන් සහ වෙදැගිල්ලෙන් හොඳින් පිරිමදින්න.  එය ක්‍රමයෙන් මුළු මුහුණටම කරන්න.
  4. වෙදැගිල්ල සහ මැදගිල්ල භාවිත කරමින් මුහුණට සෙමින් තට්ටු දාන්න.
  5. ඔබේ වෙදැගිල්ල සහ මැදගිල්ල භාවිත කරමින් ඔබේ කම්මුල් ප්‍රදේශය සෙමින් කොනිත්තන්න. ( do not pinch ) මෙහිදී කම්මුල් නොඇදීමට වග බලාගන්න.
  6. ඔබේ අත් දෙකේම මහපට ඇගිල්ල ඔබේ නළල් දෙපැත්තෙන් තද කොට මැදගිල්ල සහ වෙදගිල්ල මඟින් ඔබේ නළල හොඳින් පිරිමදින්න. මෙය සම්පුර්ණ නළල පුරාම සිදු කරන්න.
  7. මේ ආකාරයටම ඔබේ කම්මුල් දෙපැත්තත් හොඳින් පිරිමදින්න.
  8. දැන් ඇස් වලට, අත් දෙකේම මැදගිල්ල හෙමින් මෘදුව ඔබේ ඇහිබැම මත ගෙනයන්න.  මෙය ඇස වටාම කරන්න.
  9. ඉහත සියලු ක්‍රම තුන් වර බැඟින් සිදු කරන්න.

අවසානයේ ඔබේ ඇස් වසා මිනිත්තු කිහිපයක් නිදහසේ සිට අවශේෂ ආලේපන ප්‍රමාණය පිසදා හරින්න.

SHARE