හිරු එලියට පිළිස්සුනු තැන් වලට ප්‍රතිකාර විධි

තීතයේදී නම් හිරු එළියෙන් ලැබෙන විටමින් D වලට නිරාවරණය වීමට මිනිසුන් දැක්වූයේ පුදුමාකාර උනන්දුවක්. එත් වර්තමානය වන විට ඕසෝන් ස්තරයට සිදුව ඇති හානි නිසා, අප වෙත ලඟා වන හිරු රැස් ඉතා දරුණුයි. ඒවා අපේ සමට හානි කරන්නේ හරිම නපුරු විදිහටයි. ඉතින් අපි කලින් ලිපි ගණනාවකින්ම ඔබ වෙත ඉදිරිපත් කළා හිරු එලියට නිරාවරණය වීමේදී පිළිපැදිය යුතු විධි විධාන ගැන. අද අප ඉදිරිපත් කරන්නේ වැරදීමකින් හෝ ඔබ හිරු එලියට නිරාවරණය වීම නිසා, ඔබේ සමට හානි වූවොත්, එය යතා තත්වයට පත් කර ගන්නා ආකාරය ගැනයි.




සිසිල් ජලයෙන් ස්නානය කිරීම

සාමාන්‍ය ජලයට වඩා සිසිල් ජලය භාවිතා කර ස්නානය කිරීමෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්. වතුර පිරවූ බේසමකට අයිස් කැට කීපයක් දැමීමෙන් මෙය පහසුවෙන්ම සකසා ගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී සබන් භාවිතා නොකරන තරමට යහපත්ය.

මී කිරි සහ කෝමාරිකා යුෂ

මී කිරි මේස හැඳි 4ක් සමඟ කෝමාරිකා යුෂ කෝප්පයක් මිශ්‍ර කරන්න. සිසිල් ජලයෙන් ස්නානනය කර, පිළිස්සුනු ස්ථාන වල හෝ මුළු ශරීරයේම ඉහත සකසා ගත් මිශ්‍රණය ආලේප කරන්න. පැයක් පමණ සිටීමෙන් අනතුරුව නැවත ස්නානය කරන්න.

තක්කාලි සහ යෝගට්

රසකාරක නොයෙදු යෝගට් එකකට තක්කාලි ගෙඩි 2ක යුෂ මිරිකා එකතු කරන්න. සිසිල් ජලයෙන් ස්නානනය කර, පිළිස්සුනු ස්ථාන වල හෝ මුළු ශරීරයේම ඉහත සකසා ගත් මිශ්‍රණය ආලේප කරන්න. පැයක් පමණ සිටීමෙන් අනතුරුව නැවත ස්නානය කරන්න.

අයිස්

කපු රෙද්දකින් උරයක් සකසාගෙන ඒ තුලට අයිස් කැට දමන්න. ඉතා මෘදුව අයිස් උරයෙන් පිළිස්සුනු ස්ථාන තවන්න.  

මී පැණි සහ කෝමාරිකා යුෂ

මී පැණි කෝප්ප භාගයක් සහ කෝමාරිකා යුෂ කෝප්ප භාගයක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. සිසිල් ජලයෙන් ස්නානනය කර, පිළිස්සුනු ස්ථාන වල හෝ මුළු ශරීරයේම ඉහත සකසා ගත් මිශ්‍රණය ආලේප කරන්න. පැයක් පමණ සිටීමෙන් අනතුරුව නැවත ස්නානය කරන්න

ඕට්ස්

ඕට්ස් හොඳින් කුඩු වන සේ අඹරා ගන්න. එයට උණු වතුර දමා නිවෙන්නට තබන්න. ස්නානය කිරීමේදී සබන් වෙනුවට එය සිරුරේ ගල්වන්න. නැතිනම් ඕට්ස් සිසිල් ජලය පිරවූ ටබ් එකකට මිශ්‍ර කර, එයට බැස පැයක් පමණ සිටින්න.

රසකාරක නොයෙදූ කිරි

රසකාරක එක් නොකළ කිරි එකක් ගෙන ශීතකරණයේ තබන්න. එය සිසිල් වීගෙන එන විට පිරිසිඳු කර ගත් සිරුරේ ආලේප කරන්න. කිරි වල ඇති ප්‍රෝටීන් මඟින් ඔබේ සිරුරේ පිළිස්සුම් තුවාල ඉක්මනින් සුව කරනු ඇත.

බේකින් සෝඩා

බේකින් සෝඩා ස්වල්පයක් සිසිල් ජලය පිරවූ ටබ් එකකට මිශ්‍ර කර, එයට බැස පැයක් පමණ සිටින්න. එයටත් සමේ ප්‍රදාහයන් සුව කිරීමේ මනා හැකියාවක් තිබෙනවා.

සුදු හඳුන් සහ යෝගට්

කුඩු කර ගත් සුදු හඳුන් මේස හැඳි 1ක් සහ රසකාරක නොයෙදූ යෝගට් එකක් ගෙන එකට මිශ්‍ර කරන්න. සිසිල් ජලයෙන් ස්නානනය කර, පිළිස්සුනු ස්ථාන වල හෝ මුළු ශරීරයේම ඉහත සකසා ගත් මිශ්‍රණය ආලේප කරන්න. පැයක් පමණ සිටීමෙන් අනතුරුව නැවත ස්නානය කරන්න

කඩල පිටි, තක්කාලි සහ මී කිරි

කඩල පිටි කෝප්පයක් ගෙන එයට තක්කාලි ගෙඩියක යුෂ සහ මී කිරි මේස හැඳි දෙක බැගින් ගෙන මිශ්‍ර කර පිළිස්සුනු තැන් වල ගල්වන්න.

හොඳින් වතුර බොන්න

පිපිඤ්ඤා, කොමඩු වැනි දේ වැඩිපුර ආහාරයට ගන්න

SHARE