රෑ සාදයකට ගැලපෙන මේකප් උපක්‍රම 4ක්

බට ඇරයුම් ලැබෙන රාත්‍රී සාද වලට ඔබ සහභාගී වෙනකොට සාමාන්‍ය ක්‍රමයට මේකප් දාලා හරි යන්නේ නැහැ. එයට හේතුව තමයි  දිවා කාලයට ගැලපෙන මේකප් ක්‍රම රාත්‍රී කාලයට නිසි ලෙස ගැලපෙන්නේ නැති වීම. රාත්‍රී සාද කියන්නේ ස්වභාවික ආලෝකය නැති, කෘතීම ආලෝකයෙන් එලිය වෙන අවස්තාවක්. ඉතින් ඔබ රාත්‍රියේදී මේකප් කල යුත්තේ ඒ කෘතීම ආලෝකයට ගැලපෙන අයුරිනුයි. ඉතින් අද අපි තීරණය කළා අපේ වෙබ් අඩවිය ඔස්සේ මේ ගැන ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.




 

1 රාත්‍රියේදී ඔබේ මුහුණේ සම එකම වර්ණයක් ගත යුතුයි

සාමාන්‍යයෙන් සමහරුන්ගේ දෑස් යට, කට වටා ඇති සම මඳ අඳුරු පැහැයක් ගන්නවා දැකිය හැකියි. රාත්‍රී මේකප් වලදී මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සමස්ථ මුහුණම එකම වර්ණයකින් දිස් විය යුතුයි. ඉතින් ඔබ දිවා කාලයේදී යොදන වර්ණයට සාපේක්ෂව රාත්‍රී කාලයේදී යොදන වර්ණය අඳුරු වූවත් ගැටළුවක් නැහැ.

2 රාත්‍රියට ගැලපෙන්නේ දිදුලන මේකප් එකක්

පෙරදී අපි විස්තර කරපු විදිහට රාත්‍රී සාද වල තියෙන්නේ කෘතීම ආලෝකයක්. ඉතින් මේ ආලෝකය තුලින් ඔබේ රුව කැපී පෙනෙන්නට නම් දිලිසෙන සුළු මේකප් එකක් කිරීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එමඟින් ඔබේ මුහුණේ හැඩය සහ ඉරියව් හොඳින් කැපී පෙනේවි. තරුණියකට රාත්‍රී සාදයක් සඳහා ග්ලොස් එකක් භාවිතා කිරීමෙන් වැඩි සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මීට අමතරව දිදුලන අයි ෂැඩො භාවිතා කිරීමත් ගොඩාක් සුදුසුයි. Check https://nudecamshd.com.

3 Contouring Makeup රාත්‍රියට හොඳින්ම ගැලපෙනවා

Contouring Makeup කියන්නේ වර්තමානය වන විට ජනප්‍රිය මේකප් ක්‍රමයක්. මුහුණේ හැඩය, ආලෝකය ඇති ස්ථානයක සිටින විට මුහුණට ආලෝකය පතිත වන ස්ථාන සහ පතිත නොවන ස්ථාන නිවැරදිව හඳුනා ගෙන කරන මේකප් එකක් තමයි Contouring Makeup.  

4 වැඩිපුර මේකප්

දිවා කාලයේදී සුළු මේකප් එකක් දැමීම ප්‍රමාණවත් වුනත්, රාත්‍රී කාලයේදී දමන මේකප් එක නම් ටිකක් දැඩි වෙන්න ඕනේ. ඒ සඳහා වැඩිපුර මේකප් සහ තද වර්ණ භාවිතා කල හැකියි.

SHARE