පැලුණු දෙතොලට නිවසේදීම ප්‍රතිකර්ම

ස්සන, රෝස පැහැති තොල් සඟලක් මුළු මුහුණම සුන්දර කරවනවා. දෙතොල් මෘදු වන තරමට එහි සුන්දරත්වය ඉහල යනවා. නමුත් සමහර යුවතියන්ගේ දෙතොල් උෂ්ණ කාලගුණය, දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම, මත්ද්‍රව්‍ය භාවිතය, සැර දන්තාලේප භාවිතය, සැර ඖෂධ භාවිතය, අසාත්මිකතා සහ උෂ්ණ ආහාර ලබා ගැනීම වැනි හේතු නිසා පැලෙන්නට පටන් ගන්නවා. මෙවැනි අවස්ථාවකදී ඔබට නිවසේදීම කල හැකි ප්‍රතිකර්ම කීපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

 




පොල් තෙල් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය  

  • පිරිසිඳු පොල් තෙල් තේ හැන්දක්
  • ටී ට්‍රී ඔයිල් බිඳු 2ක්

ක්‍රමය

තෙල් වර්ග දෙක හොඳින් මිශ්‍ර කර ඔබේ දෙතොලේ ආලේප කරන්න. මෙය දිනකට තුන් වතාවක් පමණ සිදු කරන්න. මේ තෙල් මිශ්‍රණය දෙතොලේ ගල්වාගෙන නින්දට ගියත් ගැටළුවක් නැහැ.

පොල් තෙල් කියන්නේ ස්වභාවික තෙත් කාරකයක්. එහි ඇති සෞඛ්‍ය තත්වයෙන් ඉහල මේද අම්ල ඔබේ දෙතොලට මෘදු බව සහ සෞම්‍ය බව ලබා දීමට සමත් වෙනවා. ටී ට්‍රී ඔයිල් වලට පුළුවන් ඔබේ වියළුණු දෙතොල සුවපත් කරන්න.

මී පැණි සහ වැස්ලින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මී පැණි
  • වැස්ලින්

ක්‍රමය

මී පැණි ස්වල්පයක් ගෙන ඔබේ තොල් මත තට්ටුවක් ආකාරයෙන් තවරන්න. මීළඟට වැස්ලින් ස්වල්පයක් මී පැණි මත යලිත් තවරන්න. එය දෙතොල් මත විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර, තෙත් කල ටිෂූ එකකින් පිස දමන්න.

මී පැණි වල බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවත්, සුවපත් කිරීමේ හැකියාවත් නිසා පැලුණු දෙතොලට එය හොඳ ආලේපයක්. ඒ වගේම වැස්ලින් වල ඇති ගුණ මඟින් සම මෘදු කර, පෝෂණය ලබා දී වියලි බවෙන් මුදවනවා.    

රෝස මල් පෙති  

අවශ්‍ය ද්‍රව්‍ය

  • රෝස මල් පෙති 5ක්/ 6ක්  
  • කිරි

ක්‍රමය

කිරි ස්වල්පයකට රෝස පෙති දමා පැය 2/3ක් පමණ පෙඟෙන්නට තබන්න. ඉන්පසුව රෝස පෙති ටික පොඩි කර ගන්න. ඉන්පසු මිශ්‍රණය ඔබේ දෙතොල් වල ආලේප කර ගන්න. මිනිත්තු 20කැට පමණ පසු සිතල ජලයෙන් සෝදා හරින්න.

මෙම සත්කාරය සතියක් පුරාවට දිනපතා සිදු කරන්න. රෝස පෙති වල විටමින් E අඩංගු වෙනවා. එය සම පෝෂණය කිරීමේ ගුණයෙන් යුක්තයි. රෝස පෙති ඔබේ දෙතොලට ස්වභාවික පැහැයක් එකතු කරවනවා. කිරි වල ලැක්ටික් අම්ලය අඩංගු වන අතර, එය ඔබේ දෙතොලේ මැරුණු සෛල ඉවත් කිරීමට සමත් වෙනවා. එමෙන්ම කිරි වල සම පෝෂණය කරන මේද, විටමින් වර්ග සහ ඛනිජ වර්ග වියළුණු දෙතොලට පෝෂණය ලබා දීමත්, තෙත් සහිත බව ලබා දීමත් සිදු කරනවා.

පිපිඤ්ඤා  

අවශ්‍ය ද්‍රව්‍ය

  • කපා ගත් පිපිඤ්ඤා පෙත්තක්

ක්‍රමය

පිපිඤ්ඤා පෙත්ත ගෙන ඔබේ දෙතොල් විනාඩි 2ක් පමණ මෘදුව සම්බාහනය කරන්න. පිපිඤ්ඤා යුෂ ඔබේ දෙතොල් මත විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා ගන්න. ඔබට අවශ්‍ය නම් තලා ගත් පිපිඤ්ඤා තලපයකින් ඔබේ දෙතොලට මාස්ක් එකක් දමන්නත් පුළුවන්.

මෙම සත්කාරය දිනකට දෙවතාවක් පමණ සිදු කරන්න.

උෂ්ණාධික කාලගුණයකදී ඇති වන බොහෝ ගැටළු වලට පිපිඤ්ඤා හොඳ ඖෂධයක් වෙනවා. පිපිඤ්ඤා වලට වියලි ගිය දෙතොල් නැවත යථා තත්වයට පත් කරන්නට විශ්මිත හැකියාවක් තිබෙනවා.  

කෝමාරිකා   

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෝමාරිකා පිත්තක්

ක්‍රමය

කෝමාරිකා පිත්තක මදය සුරාගෙන බඳුනකට දමන්න. එය ශීතකරණයේ දමා තබා ගන්න. සෑම රාත්‍රියකදීම එය ඔබේ දෙතොලේ ආලේප කර, පසු දින උදැසන සෝදා හරින්න.

කෝමාරිකා යුෂ ඔබේ පැලුණු දෙතොල් සුවපත් කර, දෙතොලේ මළ සෛල ඉවත් කරනු ඇත. ඔබේ දෙතොලට ශීතල ගුණය ලබා දීමට එය සමත් වනු ඇත.

ග්‍රීන් ටී    

අවශ්‍ය ද්‍රව්‍ය

  • ග්‍රීන් ටී බෑගයක්
  • උණු වතුර කෝප්පයක්

ක්‍රමය

ග්‍රීන් ටී බෑගය උණු වතුරට දමා මිනිත්තු කීපයක් පෙන්ගේන්නට හරින්න. ඉන්පසු ග්‍රීන් ටී බෑගයෙන් ඔබේ දෙතොල් සෙමින් තවන්න. තේ යුෂ දෙතොලේ රැඳෙන්නට ඉඩ දෙන්න. මිනිත්තු කීපයකට පමණ පසු සෝදා හරින්න. මෙම සත්කාරය දිනපතා සිදු කරන්න.

ග්‍රීන් ටී වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක ගුණයන් ඔබේ පැලුණු දෙතොල සුවපත් කරනු ඇත.

 

SHARE